Monday, June 24, 2013

සරා සඳ ලඟ නුබ

http://chamathkarachathu.blogspot.com/2013/06/blog-post_24.html

සරා සඳ ලඟ නුබ

නැගි සරා සඳ එක නිශාවක
කී රහස් දෙනුවන් පුරා
නූබට මතකද ඔය ලඟින් හිඳ
මිමිනුවා දෙසවන් පුරා
සඳ වතුර වැද තෙමුනු සියොලඟ
පිස දැමූ ලවනත එදා
නුබට මතකද කෝල වී නුබ
පෙලු හැටි දැඟිලි පුරා
අදත් ඒ සඳ නගී ගුවනත
සරයි රහසක් හිත දරා
නමුදු විල් තෙර ගල් තලවේ
මගේ උර නැත බර වෙලා

Tuesday, June 18, 2013

චතු චමත්කාර

සද දැහැන් ගත වෙලා
තරු මුකුලු කතවට
රැස් දොරෙ ගලනවා
නෙත් කෙවෙනි පුරවට
තනිකමෙ පාලුවට
විරාමය තබා නුබ
ගෙනෙන සුභ සිහිනයෙ
ඇරබුමද කියන් මට