Monday, June 24, 2013

සරා සඳ ලඟ නුබ

නැගි සරා සඳ එක නිශාවක
කී රහස් දෙනුවන් පුරා
නූබට මතකද ඔය ලඟින් හිඳ
මිමිනුවා දෙසවන් පුරා
සඳ වතුර වැද තෙමුනු සියොලඟ
පිස දැමූ ලවනත එදා
නුබට මතකද කෝල වී නුබ
පෙලු හැටි දැඟිලි පුරා
අදත් ඒ සඳ නගී ගුවනත
සරයි රහසක් හිත දරා
නමුදු විල් තෙර ගල් තලවේ
මගේ උර නැත බර වෙලා

1 comment: